බැසිල් දිවිනැගුම ලිත් නඩුවෙන් නිදොස් කොට නිදහස් වෙයි

0
252

බව කියන නඩුවෙන් එවක ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් නිදහස් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත තොටවත්ත මහතා විසින් අද (01) එම තීන්දුව ප්‍රකාශ කරන ලදී.

විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නිදහස් කෙරුණා.

පැමිණිල්ල විසින් චෝදනා සනාථ කිරීමට අපොහොසත්වී ඇති බවයි විනිසුරුවරයා දන්වා සිටියේ.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදලින් රුපියල් 29,400,000ක් වැයකර මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය බෙදාහැරීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here