Monday, November 18, 2024

නිදහස් උළෙලට යන අපේ රටේ වෙඩි නොවදින ප්‍රථම සැහැල්ලු සන්නද්ධ රථය

ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු රෙජිමේන්තුව නිෂ්පාදනය කරන ලද වෙඩි නොවදින ප්‍රථම සැහැල්ලු සන්නද්ධ රථය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී පරීක්ෂාවට ලක් කර තිබේ.

මෙම රථයට වෙඩි හා බෝම්බ ප්‍රහාර මැඩපත්වාගෙන ඉදිරියට යාමේ හැකියාවක් පවතින බව විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බළකාධිපති මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් මහතා සඳහන් කරයි.

මෙවැනි රථයක් ආනයනය කිරීම සඳහා කෝටි 300කට ආසන්න මුදලක් වැය වන බවත් මෙම රථය නිෂ්පාදනය කිරීම සඳහා වැය වුයේ කෝටි එක හමාරක් බවත් මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් මහතා පවසයි.

ඉංජිනේරු අංශයේ කණ්ඩායම් 15 කගේ සහභාගිත්වයෙන් නිමවා ඇති මෙම රථයට වෙඩි හෝ බෝම්බ ප්‍රහාර මැඩගෙනයාමේ හැකියාවක් පවතින බව ආඥාපති බටකාර්ය සම්පාදන අණසක සහ විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් මහතා පැවැසීය.

මෙවැනි රථයක් විදේශයකින් මිලදී ගැනීමේදී ලක්ෂ 2995ක මුදලක් වැය කෙරෙන අතර ලංකාවේ නිෂ්පාදනය කරනු ලැබූ මෙම වෙඩි නොවදින රථය සඳහා වැයවු මුදල ලක්ෂ 150ක බව ඒ මහතා පැවසීය

අනුව ඉදිරියේ දී මෙවැනි සැහැල්ලු වෙඩි නොවදින සන්නහ සන්නද්ධ රථ දහයක් යුධ හමුදාව විසින් නිෂ්පාදනය කිරීමට සැලසුම් කොට ඇති බවද ඒ මහතා පැවසීය.

මේ වන විට ලංකාව තුළ යුධමය වාතාවරණයක් නොමැති වුවද රට පුරා ඇතිවන නායයෑම් ගංවතුර ගිනි ගැනීම් වැනි හදිසි තත්වයන් වෙත සැලකිය යුතු සෙබලුන් සංඛ්‍යාවක් ආරක්ෂිතව රැගෙන යාමට මෙම රථයට හැකියාව පවතින බවද ඒ මහතා පැවසීය.

මෙම සන්නද්ධ රථය 74 වන ජාතික නිදහස් උළෙලේ සන්නද්ධ රථ පෙළපාලිය සඳහා එක් කිරීමට නියමිතව අතර මෙවැනි රථ භාවිතා කරනුයේ යුධමය වාතාවරණයක් පවතින අවස්ථාවේදී එම ස්ථානයන් වෙත සෙබළුන් ආරක්ෂිතව රැගෙන යාමට සහ තුවාල වූ සෙබළුන් ආරක්ෂිතව රැගෙන ඒම වැනි කාර්යභාරයන්ට වීම් විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles