ඒකීයභාවය පිළිගන්න-ඇමති පාඨලී

0
311

සැබෑ සංහිඳියාවක් කරා රට යන ගමනේදී ජාතිවාදය අතහැර රටේ ඒකීයභාවය වෙනුවෙන් එක්වන ලෙස තමා දමිළ අන්තවාදීන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික හෙළ උරුමයේ මහා ලේකම් මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ගම්පහ නගර සභාශාලාවේදී ඊයේ (10දා) පැවති ජාතින හෙළ උරුමය පක්ෂ සමුළුවකවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

&අන්තවාදී දමිළ කණ්ඩායම් නව ව්‍යවස්ථා කෙටුම්පතට ෆෙඩරල් අවශ්‍ය බව පවසමින් රට ආපස්සට ගෙනයනවා.උතුරේ දෙමළ කොටි ත්‍රස්තවාදීන් අවි ආයුධ අතට අරන් ත්‍රස්ත ක්‍රියා කළේ සංහිඳියාවකට නෙමෙයි. ඒ ඔවුන්ගේ තිබූ රට දෙකඩ කිරීමේ ජාතිවාදී ආකල්පය නිසායි. උතුරත් දකුණත් සංහිඳයාවට යන ගමනේදී තවදුරටත් එලෙස ත්‍රස්තවාදීන් සිදුකළ යුතු කටයුතු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අද මුලු ලෝකයේම ත්‍රස්තවාදයට එරෙහිව ඒකරාශී වෙමින් සිටිනවා. ඒ නිසා අප පැහැදිළි ලෙස ත්‍රස්තවාදයට එරෙහි විය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here