පිටස්තරින් පැමිණි පිරිසකගෙන් රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට නේවාසිකාගාරය තුළදී ප්‍රහාරයක් ?

0
290

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි සිසුන්ට අද (02) අලුයම පිටස්තර පිරිසක් විසින් පහරදීමක් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් පිරිමි නේවාසිකාගාරයේ සිටි සිවුවන වසරේ වෛද්‍ය සිසුන්ට පහර දී ඇති බවයි.

මේ හේතුවෙන් වෛද්‍ය සිසුන් තිදෙනෙක් රාගම රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළු කර ඇති අතර ඉන් එක් අයෙක් පසුව මීගමුව රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබු සරසවි සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඉන් එක් අයෙක් මීගමුව රෝහලට මාරු කර යැවූ බව ද පොලීසිය සඳහන් කරයි.

මෙි වන විට පොලීසිය පහරදීම සිදුකළ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here