ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

0
272

ඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මලුකු ප්‍රදේශයට අද (02දා) අලුයම රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි එරට කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව සහ භූ භෞතික විද්‍යා ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

භූමිකම්පාව එරට වේලාවෙන් අලුයම 4.25ට සිදුව ඇති අතර, එහි අපිකේන්ද්‍රය මලුකු බරාත් ඩායා දිස්ත්‍රික්කයට කිලෝමීටර් 86ක් ඊසාන දෙසින් සහ මුහුදු පත්ලේ කිලෝමීටර් 131 ක් ගැඹුරින් ඇති ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම, මෙම භූමිකම්පාවෙන් ජීවිත හෝ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here