ඔමික්‍රෝන් වෛරසයේ අනු ප්‍රභේද ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි

0
367

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයේ විවිධ අනු ප්‍රභේද ලෙස ව්‍යාප්තවෙමින් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ BA.2 නම් අනු ප්‍රභේදය ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත බව ඩෙන්මාර්කයේ සිදුකර ඇති පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

එම පර්යේෂණය සඳහා දෙසැම්බර් සහ ජනවාරි අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සහිත නිවෙස් 8,500ක නියැදියක් භාවිතා කර තිබෙනවා.

BA.2 අනු ප්‍රභේදය 33%කට ආසාදනය වී ඇති බවත් ඔවුන්ගෙන් අන්අයට ආසාදනයවීමේ සම්භාවිතාව BA.1 අනු ප්‍රභේදයට වඩා වැඩි බවත් එහිදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව BA.2 අනු ප්‍රභේදය BA.1 ප්‍රභේදයට වඩා 33%ක් වේගයෙන් පැතිරයන බවයි පර්යේෂකයින් පවසන්නේ.

මේ වනවිට BA.2 ආසාදිතයින් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ස්වීඩනය, සහ නොර්වේ යන රටවලින් අඩු වශයෙන් හමු වී තිබෙනවා.

නමුත් ඩෙන්මාර්කයේ හඳුනාගෙන ඇති ආසාදිතයින්ගෙන් 82%ක් පමණ BA.2 අනු ප්‍රභේදය ආසාදනයවූවන් බවයි වාර්තා වන්නේ.

BA.2 අනු ප්‍රභේදයට ප්‍රතිශක්තිය මඟහැර යෑමේ හැකියාව ඇති බවද පර්යේෂකයන් පවසනවා.

නමුත් පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටි සහ බූස්ටර් එන්නත ලබාගෙන සිටි පුද්ගලයින්ට මෙම වෛරස අනු ප්‍රභේද ආසාදනයවීම සහ වෛරසය ව්‍යාප්ත කිරීමේ අවස්ථාව එන්නත් ලබා නොගත් අයට වඩා අඩු බවද ඔවුන් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here