පාසල් නිවාඩු ලබාදීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවෙිදනයක් !

0
385

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් පෙබරවාරි මස 7 වනදා සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්හී සියලුම ශ්‍රේණි සඳහා සඳහා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම තීරණය රජයේ මෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ද අදාළ බවය.

උසස් පෙළ විභාගය පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගත බව අමාත්‍යංශය ප්‍රකාශ කළා. අදාළ නිවෙිදනයට අනුව ලබන සඳුදා (07) වැසෙන එම පාසල් නැවත ආරම්භ කරනු ලබන්නේ මාර්තු මස 7 වන සඳුදා දිනයේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here