පසුගිය දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනවාරි 30 වෙනි ඉරිදා දිවයින පුවත්පතේ පළ කර ඇති ප්‍රකාශයෙන් කියා සිටින්නේ රාජපක්ෂ රජය යුද සමයේදී උතුරු කොරියාවෙන් කළු සල්ලි යොදවා අවි ආයුධ මිල දී ගත් බව සඳහන් කර ඇති බවයි. එබැවින් අමාත්‍යවරයා විසින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පිළිතුරු සැපයිය යුතුය.
- එවකට රජය අවි මිළ දී ගැනීම සඳහා කළු සල්ලි යොදා ගත්තේ ඇයි?
- යුධ ප්රයත්නයට මුදල් අවශ්‍ය නම් ඒ මුදල් පාර්ලිමේන්තුවෙන් ලබා ගත යුතුව තිබුනා, ලබා ගත් අරමුදල් සහ ඒවා ලබා ගත් ස්ථාන පිළිබඳ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට විස්තරයක් ලබා දිය යුතුය.
- රජය උතුරු කොරියාවෙන් ආයුධ මිල දී ගත්තේ ඇයි? ශ්‍රී ලංකාවේ යුධ සමයේදී චීනය වැනි රටවල් වලින් ආයුධ මිළ දී ගත්තා. ඇයි ඔවුන් මේ රටවල්වලින් ආයුධ මිල දී නොගත්තේ?
- උතුරු කොරියාවෙන් රජය විසින් මිල දී ගත් ආයුධ මොනවාද සහ මෙම ආයුධ ගිණුම් ගත කර තිබේද යන්නත් හෙළි කළ යුතුය.
මෙවැනි ප්‍රකාශ වලින් සිදු වන්නේ ජාත්‍යන්තර තලයේ අපේ රටේ කීර්ති නාමයට හානි වීම පමණක් වන බැවින් ඇමතිවරයා මේ ප්‍රශ්නවලට වහාම පිළිතුරු සැපයීම අත්‍යවශ්‍ය වේ.
අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය අපේක්ෂා කරන බවයි. එය ඉතා ඕනෑ කමින් අප පිළිගන්නා පුවතකි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවුරුද්දකට වැඩි කාලයක සිට රජයට ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටේ ජනතාව පීඩාවට පත් නොකර ක්‍රියා කරන ලෙසයි.
කෙසේ වෙතත් එවැනි ප්‍රකාශයන් කිරීමෙන් පසු ඕනෑම සංවිධානයක සහය ලබා ගැනීමට රජයට හැකියාව තිබේද? මෙම පසුබිම තුළ ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවේ නාමය දැඩි සේ අර්බුධකාරී තත්ත්වයකට යොමු වීම ශ්‍රී ලාංකික ජනතාවට ඉතාමත් අහිතකරය.
(STANDARD AND POOR) විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීය ශ්‍රේණිගත කිරීම “CCC” සිට “CC” දක්වා පහත හෙළීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමේ පෙර නිමිති ලෙස පල කර ඇත. මෑතක සිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත හා සම්බන්ධයෙන් අර්බුධ මතු වී ඇති අතර, එයට හේතුව වශයෙන් රජය දිගින් දිගටම කියා සිටියේ කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙලෙස විදේශ සංචිත ප්‍රමාණය අඩු වූ බවයි.
නමුත් කෝවිඩ් 19 වසංගත තත්ත්වය උච්චතම අවස්ථාවේ පැවැති 2021 කාල පරිච්ඡේදයේදී ආසියාවේ රටවල් වන ඉන්දියාව, බංගලාදේශය ඇතුළු ලෝකයේ සෑම රටකම පාහේ පැවැති විදේශ සංචිත ප්‍රමාණය දෙගුණයකින් පමණකින් ඉහළ ගිය අතර, ශ්‍රී ලංකාවේ පමණක් පැවැති විදේශ සංචිත ප්‍රමාණය අඩු වීමක් සිදු වී ඇති බව අපට පෙනී යයි. මේ පිළිබඳ සරල අධ්‍යනයක නිරත වන ඕනෑම අයෙකුට පැහැදිළිව පෙනී යන කරුණ නම් එවන් පසුබිමක් තුළත් ලෝකයේ රටවල් වල ස්වෛරීය බැඳුම්කර ගෙන්වීමේ හැකියාව මත ශ්‍රේණිගත කිරීම් සිදු කරන ජාත්‍යන්තරය පිළිගත් (STANDARD AND POOR) නම් ඇමරිකානු ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීය බැඳුම්කර ශ්‍රේණිගත කිරීම් වලින් පැවැති “CCC” සිට “CC” දක්වා 2022 ජනවාරි මස 12 වන දින පහත හෙළීම කිසිසේත්ම පුදුම වීමට කාරණයක් නොවේ. එම ශ්‍රේණිගත කිරීමෙන් කියවෙන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමේ අවධානමක ඇති බවයි.
ඊට මූලික හේතුව නම් ශ්‍රී ලංකා රජය ඉදිරියේදී කල් පිරීමට නියමිත විශාල වටිනාකමකින් යුත් ස්වෛරීය බැඳුම්කර සහ සංවර්ධන බැඳුම්කර රැසක් ඉදිරියේදී ගෙවීමට නියමිතව තිබීමත් ඒ සඳහා ප්‍රමාණවත් තරම් විදේශ සංචිත ප්‍රමාණයක් දැනට අප සතුව නොතිබීමත් තව දුරටත් අප විදේශ සංචිත ලැබීමේ නිශ්චිත ක්‍රියාමාර්ග මේ දක්වා පැහැදිළිව නොතිබිමත් එයට හේතු කාරණා ලෙස සඳහන් කළ හැක.
මෙවන් පසුබිමක් තිබෙන තත්ත්වයේදී ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා විසින් කර ඇති ප්‍රකාශයෙන් සිදු වන්නේ තව තවත් ශ්‍රී ලංකාව බරපතල ඛේදජනක තැනකට තල්ලු කිරිමයි. අවසානයේ සිදු වන්නේ “D” නැමැති බංකොලොත් බාවයට පත්වුණු රටවල් වල තත්ත්වයට පත් කිරීම මේ හරහා සිදු වේ. මෙැවනි පසුබිමක් තුළ ඉහත සඳහන් කරුණු වලට පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා විසින් වහාම පිළිතුරු සැපයිය යුතු බව වැඩි දුරටත් මතක් කරමි.