විදුලිබල අර්බුදය පකිස්තාන ජනතාව පාරට බස්සයි.

0
699

පාකිස්ථානයේ කයිබර්පක්තුක්වා පළාතේ දහස් ගණනක් ජනතාව විදුලි කප්පාදුවට එරෙහිව විරෝධතා ආරම්භ කර තිබේ.

විදුලි සැපයුම අක්‍රමවත් බවත්, ජනතාවට දිගුකාලීන විදුලිය අත්හිටුවීම් වලට මුහුණ දීමට සිදුව ඇති බවත් විරෝධතාකරුවෝ මෙහිදී කියා සිටියහ.

මෙම තත්වය නිවැරදි කරන ලෙස අවස්ථා ගණනාවක දී දැනුවත් කිරීම් සිදුකළ ද ඒවා පළරහිත වී ඇති බව ද විරෝධතාකරැවෝ මෙහිදී සදහන් කළහ.

පකිස්තානය මේ වනවිට විදුලිය, ගෑස්, ඛනිජ තෙල් ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයකට මුහුණ දී සිටින අතර ඊට එරෙහිව රටපුරා විරෝධතා ව්‍යාපාර ද පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here