සීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීනයෙන් තර්ජනයක්

0
349

තම රටේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සිදුකරන ආන්දෝලනාත්මක අදහස් ප්‍රකාශ කිරීම් දඬුවම්වලට යටත් විය හැකි බව චීනය ප්‍රකාශ කර තිබේ.

චීන නීති හා රෙගුලාසිවලට පටහැනි ඕනෑම හැසිරීමක් හෝ කථාවක් නිශ්චිත දඬුවම්වලට යටත් වන බව චීන බලධාරීහු අවධාරණය කරති.

කෙසේවෙතත්, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැඩි විරෝධයක් එල්ලවෙමින් ඇති අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සදහන් කර ඇත්තේ ක්‍රීඩා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බීජිං වෙත පැමිණීමට පෙර සිට චීන බලධාරීන් විසින් කරන ලද මෙම අනතුරු ඇඟවීම් මගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමක් සිදුව ඇති බවයි.

මේ අතර මෙය ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනකට එරෙහිව බීජිං බලධාරීන් කළ මැර තර්ජනයක් බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here