Saturday, November 2, 2024

යළි හුස්ම ගන්නා මාලදිවයින…

2018 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මොහොමඩ් සෝලි ජයග්‍රහණය කිරීම මාලදිවයිනට ප්‍රීතිදායක කාරණයක් වුණා. සෝලිගේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජයග්‍රහණයත් සමඟම රට ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ගෙන යා හැකි බව පෙනෙන්නට තිබුණා. ජනාධිපති සෝලි ඔහුගේ රජයේ පළමු දින 100 තුළ සාක්ෂාත් කර ගත යුතු ඇතැම් ඉලක්ක තීරණය කරනු ලැබුවා. එම ඉලක්ක අතර අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, අධිකරණ ප්‍රතිසංස්කරණ, විදේශ සබඳතා සහ ආර්ථිකය යන ක්ෂේත්‍රවල සංවර්ධනය ප්‍රමුඛ වුණා.

මාලදිවයිනේ අන්තවාදයේ තර්ජන නිවැරදිව ආමන්ත්‍රණය කළ පළමු පාලනය පිහිටවනු ලැබුවේ සෝලි විසිනුයි. 2004 සුනාමියෙන් පසු අල්කයිඩා වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් රට තුළට රිංගා ගැනීමත් සමඟ අන්තවාදයේ වර්ධනයක් දැකගත හැකි උණා. හිටපු ජනපති අබ්දුල් යමීන් රටේ ප්‍රධානියා වූ කාලයට සාපේක්ෂව සෝලි යටතේ නීතියේ යම් යම් ක්‍රියාකාරීත්වයක් සහ මානව හිමිකම් රට තුළ ප්‍රතිසංස්කරණය කරනු ලබන බව මිනිසුන්ට අවසානයේ දැකගත හැකි වුණා.රටේ මානව හිමිකම්වලට එරෙහි ප්‍රහාරයේ උච්චතම අවස්ථාව පැවතියේ යමීන්ගේ පාලනය යටතේයි.

යමීන් යටතේ ප්‍රකට දේශපාලනඥයන් හා සම්බන්ධ ඇතැම් කල්ලි ඇතුළු අන්තවාදී කණ්ඩායම් මාධ්‍ය සහ සිවිල් සමාජ කණ්ඩායම්වලට සිදුකළ හිරිහැරකිරීම් හා පහරදීම් නිරන්තරයෙන් වාර්තා වුණා.ඔවුන් විශේෂයෙන් ඉලක්ක කළේ යමීන්ගේ රජය විවේචනය කළ පුද්ගලයන්වය. නිදහස් මාධ්‍ය මර්දනය නිසා යමීන්ගේ පාලන සමයේදී බොහෝ විද්‍යුත් නාලිකා සහ පුවත්පත් නතර කෙරුණා.ඒ වගේම ඔහු 2016 අගෝස්තු මාසයේදී ඉතා ආන්දෝලනාත්මක වූ අපහාස පනත සම්මත කරනු ලැබුවා.මෙම පනත් කෙටුම්පත නීතිය යටතේ අපහාස කිරීම සාපරාධී වරදක් බව ප්‍රකාශ කළ අතර, එමඟින් මාධ්‍යවේදීන් භාවිත කළ අයිතියේ හුසම් තවදුරටත් හිරකරනු ලැබුවා.

ඔහුගේ පාලන කාලය තුළ වැඩිපුරම කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනයවීම්ද විශාල වශයෙන් වාර්තා වුණා. මීට අමතරව යමීන් යටතේ දුෂණ වංචා වලද අඩුවක් පැවතුනේ නැහැ.2014 දී, රජයේ විගණනයකින් හෙළි වූයේ සංචාරක ආදායමෙන් ඩොලර් මිලියන ගණනක් යමින්ගේ පක්ෂයේ උප සභාපති සහ වෙනත් අයගේ පුද්ගලික ගිණුම් වෙත යවා ඇති බවයි. යමින්ගේ පාලක කණ්ඩායමට මෙම අත්තනෝමතික පාලනය වෙනුවෙන් සියලුම සාහයන් ලබාදෙන ලද්දේ ඔහුගේ චීන සහ පාකිස්ථාන සගයන් විසිනුයි. ඔහුගේ පාලන කාලය තුළ මාලදිවයින සහ සෞදි අරාබිය ද හොඳ සුහද සබඳතාවක් පවත්වාගෙන යනු ලැබුවා.

කෙසේවතත් ජනාධිපති සෝලි බලයට පත් වූ විට තත්වය මුළුමනින්ම වෙනස්වූ අතර දේශපාලන සිරකරුවන් නිදහස් කරනු ලැබුවා.එසේම පිටුවහල් කරන ලද දේශපාලකයන් නැවත රටට පැමිණීමට පටන් ගනු ලැබුවා. සිවිල් සමාජයට, ජනමාධ්‍යයට සහ විපක්ෂයට වඩා නිදහස් පරිසරයක් සමඟින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැඩිදියුණු කෙරුණා. විශේෂයෙන්ම විවාහය සඳහා වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවීම සිදුකෙරුණු අතර, වයස අවුරුදු 18 ට අඩු අය විසින් සිදු කරන ලද අපරාධ සඳහා මරණීය දණ්ඩනය අහෝසි කරනු ලැබුවා.

මෙහිදී ජනාධිපති සෝලිගේ ආණ්ඩුව මුහුණ දුන් ප්‍රධානම අභියෝගයක් වූයේ යමින්ගේ පාලනය විසින් චීනය සමග එක්ව රට පටලවා ඇති ණය උගුලෙන් ගැලවීමයි. කෙසේවෙතත් දැන් සෝලිගේ පාලනය විසින් රටට හුස්ම ගත හැකි ආකාරයෙන් ලිහිලක් ලබාදී ඇති අතර, මාලදිවයින බොහෝ කලක සිට ලැබිය යුතු සහ අනාගතයේදී ද අවශ්‍ය වූ ආකාරයේ වෙනසක් අත්විඳිමින් සිටිනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles