“අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද ඇරඹෙි

0
272

අය වැය මගින් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක් ව්‍යාපෘතිය දිවයින පුරා එකම වේලාවකදී අද ආරම්භ වනවා.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 336 ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාශ 14,021 ක මෙම වැඩසටහන අද ආරම්භ කෙරෙනු ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් එම වැඩසටහන දිවයින පුරා දියත් කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් ජනතා සහභාගීත්වය සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ඒ අනුව එක් ග්‍රාම සේවා වසමක ව්‍යාපෘති 05 ක් හෝ 06 ක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව රජය නිවේදනය කළේය.

ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහනේ අරමුණු සහ ක්‍රියාකාරීත්වය පැහැදිලි කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here