Saturday, November 2, 2024

යුක්‍රේන අර්බුදය නිසා රුසියාව සහ ඇමරිකාව උණුසුම් වෙයි

යුක්‍රේන අර්බුදය හේතුවෙන් රුසියාව සහ අමෙරිකාව අතර මේ දිනවල දැඩි මත ගැටුමක් පවතිනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවා තිබුණේ අමෙරිකාවේ ඉල්ලීම පරිදියි.

ඒ යුක්‍රේන දේශසීමාව ආසන්නයේ රුසියානු හමුදාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඇතිව ඇති අර්බුදය සාකච්ඡා කිරීම සඳහායි.

මේ හමුවේදී දෙපාර්ශවයේ තානාපතිවරු එකිනෙකාට චෝදනා කරමින් බැනගත් බවයි සඳහන් වෙන්නේ.

රුසියානු හමුදා ඒකරාශී වීම මෑත ඉතිහාසයේ යුරෝපයෙන් වාර්තාවූ විශාලතම හමුදා කැඳවීම බවයි අමෙරිකානු තානාපතිනි ලින්ඩා තෝමස් ග්රීන්ෆීල්ඩ් පැවසුවේ.

නමුත් රුසියානු තානාපති පැවසුවේ රුසියාවේ කටයුතු වලට අමෙරිකාව මැදිහත්වන බවයි.

අවසාන වශයෙන් අමෙරිකාව සහ එක්සත් රාජධානිය පැවසුවේ රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කළහොත් එරටට එරෙහිව සම්බාධක පනවන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles