තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අල්ලා ගත් පසුන කාන්තා මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව හරි අඩකින් පහළට!

0
319

තලේබාන් සංවිධානය විසින් පසුගිය අගෝසතු මාසයේ ඇෆ්ගනිස්ථානයේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු එරට මාධ්‍යවේදිනියන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් අඩු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ පජ්වොක් නම් ඇෆ්ගන් පුවත් ආයතනය පසුගිය දින 20 තුළ එරට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන 15 ක දත්ත ඇසුරින් සිදුකළ සමීක්ෂණයකදීයි.

දත්ත වලට අනුව, පෙෂ්ගම් සහ රාහිෆර්ඩා රූපවාහිනී නාලිකා කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල වශයෙන් අඩුවී තිබෙනවා.

මීට පෙර පෙෂ්ගම් රූපවාහිනියේ කාන්තා සේවක සේවිකාවන් 15 දෙනෙකු සේවය කර ඇති අතර මේ වනවිට එම රූපවාහිනී නාලිකාවේ කිසිදු මාධ්‍යවේදිනියක් සේවය නොකරන බව සදහන්.

මේ අතර අදාළ සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ තලේබාන් පාලනයට පෙර පැවති මාධ්‍ය ආයතන සංඛ්‍යාව ද සියයට විස්සකින් පමණ අඩුවී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here