Tuesday, November 26, 2024

බිත්තර ප්‍රහාරය ගැන ජාතික ජන බලවෙිගයෙන් පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුලුවට කලගෙඩිහේනේ දී පසුගිය ඉරිදා එල්ල වු බිත්තර ප්‍රහාරය සම්බන්ධයෙන් එම පක්ෂය පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සංවිධානාත්මක මැර කල්ලියක් විසින් තම සමුළුවට මැර ප්‍රහාරයක් එල්ල කරමින් එම රැස්වීම කඩාකප්පල් කිරීමට තැත් කළ බවයි එම පැමිණිල්ලේ සඳහන් වන්නේ.

දැනට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් විසින් අනාවරණය කළ තොරතුරු මත එය ඔවුන් දෙදෙනාගේ ඕනෑ එපාකම් වලට සිදු නොවු බවත් පැමිණිල්ලේ දැක්වෙනවා.

එය සංවිධානාත්මක කණ්ඩායමක සැලැස්මක් මත හුදෙක් පෞද්ගලික දේශපාලනික උවමනා මුදුන් පමුණුවා ගැනීමේ චේතනාවෙන් ඉටුකරන ලද්දක් බවද ජාතික ජන බලවේගය පෙන්වා දෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගේ හෙළිදරව් කිරීම් වලින් ප්‍රසිද්ධ ආරක්ෂක ආයතනයක හා කැබිනට් අමාත්‍යවරයකුගේ අනුදැනුම මත හා අභිලාශය මත මෙම මැර ප්‍රහාර එල්ල කර ඇති බවද පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ලේ සඳහන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles