කැලණිතිස්ස බලාගාරයේ විදුලිය ජනනය සම්පූර්ණයෙන්ම අත්හිටුවයි. පැයක් 3 – 4 ක් විදුලිය කපන්න වෙයි

0
287

කැලණිතිස්ස විදුලි බලාගාරයට, එම පරිශ‍්‍ර‍්‍රයේ පිහිටි ද්විත්ව චක‍්‍රීය බලාගාරයට සහ සපුගස්කන්ද බලාගාරයට අද (03 වැනිදා) ඞීසල් ලබා නොදුන්නොත් බලාගාර 3ම නතර වනබව ලංවීම ඉංජිනේරුවෝ පවසති.

මේ වනවිට දෛනික ක‍්‍රියාවලියකට අනුව විදුලි බලාගාරවලට ඩීසල් ලබාදෙන බැවින් කොයි මොහොතක හෝ පැය තුන හතරක කාලයක් විදුලිය කපා දැමීමට සිදුවන බව ද ඔවුහු කියා සිටිති.

ඒ අනුව ඊයේ (02 වැනිදා) වනවිට කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 115ක් ්ද එම පරිශ‍්‍රයේ පිහිටි ද්විත්ව චක‍්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165ක් ද වරායේ බාච් බලාගාරයෙන් මෙගාවොට් 60ක් ද සපුගස්කන්ද බලාගාරයෙන් මෙගාවොට් 70ක් ද ජාතික විදුලි පද්ධතියට එක්කර තිබිණි.

සපුගස්කන්ද විදුලි බලාගාරයෙන් මෙගාවොට් 160ක් ජනනය කළ හැකි වුවත් ඉන්ධන නොමැති නිසා බලාගාරයේ විදුලි ජනනය මෙගාවොට් 70ක් දක්වා පහළ දමා ඇත.

පවතින විදුලි අර්බුදය හමුවේ දිනකට පැයක් දෙකක් විදුලිය කපා දැමීමට පියවර ගන්නා ලෙසට විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් පාලනාධිකාරියට දැනුම් දී තිබුණත් මහජන උපයෝගිතා කොමිසම ඊට අවසර ලබා නොදීම නිසා ඉදිරි සති දෙක තුන විදුලි අර්බුදය තීරණාත්මක තැනකට පත්වනු ඇතැයි ද ඉංජිනේරුවරු කියා සිටිති.

ඉන්ධන නොමැති වීම හේතුවෙන්, කැලණිතිස්ස බලාගාරයේ විදුලිය ජනනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇතැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here