Saturday, September 21, 2024

නාමල් 18 දක්වා රිමාන්ඩ්..

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් ලංකා  ජයරත්න මහත්මිය එම නියෝගය ලබාදී ඇත.

2013දී රගර් තරගාවලියක් සංවිධානය කිරීමට ක්‍රිෂ් නමැති සමගාමක් විසින් ඒ මහතාට ලබා දුන්නා යැයි කියන රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිතය ගැන මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු පවරා තිබුණි.

ඒ අනුව අද පෙරවරුවේ  මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි ඒ මහතා අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles