Thursday, October 31, 2024

කාදිනල් හිමියන්
හෙට පැවැත්වෙන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට සහභාගී නොවීමට තීරණය කරයි

74 වන නිදහස් දිනයට සමගාමීව හෙට පැවැත්වීමට නියමිත රාජ්‍ය නිදහස් උළෙල සදහා අගරදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.

“74 වන නිදහස් දිනයට සමගාමීව හෙට පැවැත්වීමට නියමිත රාජ්‍ය නිදහස් උළෙල සදහා අගරදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා” යි අද (03) පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළා.

අහිංසකයන්ට වධ හිංසා පමුණුවන ලබන ඔවුන් තලා පෙළා දමන පාලනයක් තුළ විශේෂයෙන්ම බෝම්බයක් අටවා තිබූ දේවස්ථානයක් තුළ ඉන් වේදනාවට පත්ව සිටින ජනතාව සිටින වටපිටාවක් තුළ එහි දිව්‍ය පූජා යාගයක් නොපැවැත්වීමට කාදිනල් හිමිපනන්තිරණය කර ඇති බව ගරු සිරිල් ගාමිණී පියතුමන් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියා.

එනමුත් සෑම දේවස්ථානයකම නිදහස් දින වෙනුවෙන් දිව්‍ය පූජාවන් පවත්වනු ලබන අතර රට වෙනුවෙන් යාච්ඤා කිරීමට කටයුතු කරනු ලබන බවත් ගරු පියතුමන් මෙහිදී කියා සිටියා.

මෙරට ඉතිහාසයේ පළමු වතාවට කිතුණු ජනයාගේ ආධ්‍යාත්මික නායකත්වය විසින් නිල වශයෙන්ම රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට සහභාගී වීමෙන් වැළකී සිටින පළමුවන අවස්ථාව මෙය වෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles