පදික වෙිදිකාවල වාහන නැවැත්වීම ගැන රියදුරන්ට අවවාදයක් !

0
283

පදික වේදිකාවල වාහන නැවැත්වීම වැනි කටයුතු සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙස පොලිස් ප්‍රධානී සී.ඩී.වික්‍රමරත්න මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලිපියක් යවා ඇත.

රටේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමට සහ පොදු පදික වේදිකා වැඩිදියුණු කිරීමට රජය විශාල මුදලක් වැය කර ඇත.

පදික වේදිකාවල වාහන නැවැත්වීම වැනි ක්‍රියා නිසා මහජනතාව අපහසුතාවට පත්වන අතර පදික වේදිකාවලට හානි සිදුවේ.

මේ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර ගත යුතුයි.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ පදික වේදිකාවල වාහන ගාල් කරන, පටවන සහ බෑම කරන සියලුම පුද්ගලයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

දිගින් දිගටම අනතුරු ඇඟවීම කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුය.

අනතුරු ඇඟවීම් නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව මෝටර් රථ ප්‍රවාහන නියෝගය, ජාතික මහාමාර්ග පනත, අපරාධ නීතිය සහ පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගන්නා ලෙස පොලිස් ප්‍රධානියා පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇති බව ද එම ලිපියේ සඳහන් වේ.

මේ අතර, බීමතින් රිය ධාවනය කරන පුද්ගලයින් හඳුනා ගැනීමට පොලීසිය අද සිට විශේෂ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

බීමතින් රිය පැදවූ අයෙකු අනාවරණය වුවහොත් රියදුරු බලපත්‍රය අවලංගු කර රුපියල් 25,000ක දඩයක් සහ සිරදඬුවමක් නියම කරන බව පොලිසිය පවසයි.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතාකර රථවාහන පදවන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත්කරන බව රථවාහන අංශය භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.

මත්පැන් භාවිතා කිරීම සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂණ සිදු වුනත් ගංජා , හෙරොයින් , අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන පදවන රියදුරන් කොටු කර ගැනීම සම්බන්ධයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක නොවූ බව අජිත් රෝහන මහතා කීය.

නමුත් මෙම සතියේ සිට අඛණ්ඩව එම මෙහෙයුම් ආරම්භකරන බවත් ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකා පොලීසිය සතුව මේ වන විට ඇති බවත් අජිත් රෝහන මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here