වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කතරගම සතොස වෙළද සංකීිර්ණයේ දී කාන්තාවක් විසින් බැන වැදිම සම්බන්දයෙන් කතරගම සතොසේ සේවය කල ආරක්ෂක නිළධාරියා ගේ වැඩ තහනමට ලක් කර තිබේ.
ඉකුත් (30) වැනි දින අමාත්‍යවරයා කතරගම සංචාරය කල අවස්ථාවේ දී කතරගම සතොස වෙත පැමිණි අතර එහි දී භාණ්ඩ මිල දි ගැනීමට පැමිණි කාන්තාවක් විසින් අමාත්‍ය වරයාට දෙස් නගා පැවසුවේ මිනිස්සුන්ට ගන්න හාල් වත් නැහැ මාධ්‍ය වෙත පවසන කිසිවක් සතොස මගින් මිල දී ගැනීමට නොහැකි බව පවසා බැන වැදී තිබුණා.
මෙම අවස්ථාවෙි දී අමාත්‍ය වරයාගේ ආරක්ෂක නිළධාරින් ද සිටි අතර මෙම සිදුවීම වුයේ සතොස ඉදිරිපිට බව සේවයෙන් ඉවත් කල කතරගම පදිංචි ඒචි.එම්. කසුන් ආරක්ෂක නිලධාරියා පැවසිය.
මෙම සිදුවීමෙන් පසුව තමන්ගේ වසර ගණනාවක් පුරා සිදු කල සේවය ඉවත් කල බව සතොස පරිපාලන අංශයෙන් දැනුවත් කල බවත් අදාළ ලිපිය එවා ඇති බව කතරගම සතොස ආරක්ෂක ඒචි එම් කසුන් නිලධාරියා පැවසිය.
ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමෙන් භාණ්ඩ මිලගණන් පහළ යාමක් හෝ වෙළඳපොලට භාණ්ඩ සැපයිමේ වර්ධනයක් සිදුවන්නේ යැයි බලාපොරොත්තු වන්නේද යන්න ගැටලුවකි.