බැසිල් උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් බවට කළ ප්‍රකාශය ෆොන්සේකා ප්‍රතික්ෂේප කරයි

0
413

උතුරු කොරියාවේ ආයුධ ගැන ෆොන්සේකාත් කතා කරයි!

ශ‍්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ දී උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් බවට මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද ප‍්‍රකාශය එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප‍්‍රතික්ෂේප කරයි.

ප‍්‍රධාන වශයෙන්ම එකල ලංකාවට අවශ්‍ය ආයුධ මිලදී ගත්තේ චීනයෙන් බවද ඔහු පැවසීය.

එමෙන්ම චෙකෝස්ලෝවැකියාවෙන් සහ පාකිස්තානයෙන්ද ලංකාවට අවශ්‍ය ආයුධ මිලදී ගත් බවද හෙතෙම සදහන් කරයි.

යුද සමයේ දී කළු කඩයෙන් ඩොලර් ගෙන උතුරු කොරියාවෙන් ආයුද මිලට ගත් බවට මුදල් ඇමතිවරයා මෑතකදී කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here