Thursday, November 28, 2024

පුතා රිමාන්ඩ්! තාත්තා රාජ්‍ය ඇමතිකමෙන් ඉවත් වෙයි!

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එම පහරදීම සම්බන්ධයෙන් අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට චෝදනා එල්ල වී තිබේ.

ඔහු සඳහන් කරන්නේ රාගම වෛද්‍ය පීඨයේ සිදුනට පහර දීමේ සිදුවීම පිලිබදව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙමින් එය අවසන් වන තෙක් තම මෙසේ ධුරයෙන් ඉවත් වන බවයි.

ඇමති ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා විසින්ද අරුන්දික ප‍්‍රනාන්දු මහතාට දැනුම් දී තිබිණ.

මන්ත්‍රීවරයා ඊයේ (2) දිනයේ මාධ්‍යට පැවසුවේ තමන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බව ඔප්පු කලොත් ඉල්ලා අස්වෙන බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා වන අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමත් සමග රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 07 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 06 දෙනෙකුම ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර ඉන් 05 දෙනෙකු මෙි මස 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද දහවල් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර අදාළ පහරදීමට පැමිණීම සදහා භාවිත කළ සුඛෝපභෝගි මෝටර් රථය කලූබෝවිල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles