Wednesday, October 30, 2024

ISIS නායකයා ඝාතනය කළ බව ඇමරිකානු ජනාධිපතිවරයා නිවෙිදනය කරයි

අමෙරිකානු විශේෂ බලකාය විසින් ඊයේ වයඹදිග සිරියාවේ විසින් දියත් කළ “සාර්ථකව” මෙහෙයුමකින් ISIS සංවිධානයේ නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි ඝාතනය බව අමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් නිවේදනය කර සිටිනවා.

ඒ අනුව ඇමරිකානු විශේෂ බලකා සෙබළුන් විසින් අයිඑස්අයිඑස් සංවිධානයේ නායකයාව සිරියාවේ වයඹ දෙසින් පිහිටි ඉඩලිව් ප්‍රදේශයේදී ඝාතනය කර තිබේ.

2019 වර්ෂයේදී අමෙරිකානු විශේෂ බලකාය විසින් සිරියාවේ දී ISIS සංවිධානයේ ආරම්භක නායක අබු බකර් අල්-බැග්දාඩි ඝාතනය කිරීමේ මෙහෙයුමෙන් පසු දියත් කළ ප්‍රධාන මෙහෙයුම මෙය වනවා.

දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුමෙන් පුද්ගලයන් 13 දෙනෙකු පමන මියගොස් ඇති බවට වාර්තා වී ඇති අතර ඒ අතර ළමයින් 6 දෙනෙකු හා කාන්තාවන් 4 දෙනෙකු සිටින බව වාර්තා වේ.මෙහෙයුමට සම්බන්ධ වූ ඇමරිකානු හමුදාව සෙබළුන් හට කිසිදු හානියක් සිදුවී නොමැති බව පෙන්ටගනය නිවේදනයකර ඇත.

මෙම මෙහෙයුමේදී කිසිදු අමෙරිකානු සොල්දාදුවෙකුට හානියක් සිදුවී නොමැති බවයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි ඊයේ රාත්‍රියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මැද පෙරදිග හමුදා මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් පාලනය කරන එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් මෙහෙයුම මෙහෙයවන ලද බවයි.

අමෙරිකානු විශේෂ බලකාය විසින් ISIS නායකයා රැඳී සිටි නිවාස සංකීර්ණය වට කිරීමත් සමග ඔහු විසින් සිය නිවස තුලදී බෝම්බයක් පුපුරුවා ගෙන ඇති බවයි ඇතැම් වාර්තා සඳහන් කර සිටියේ.

රාත්‍රියේ සිදුකල මෙම ප්‍රහාරය සදහා හෙලිකොප්ටර් යානා 3ක් භාවිතාකර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles