Tuesday, November 19, 2024

යල කන්නයේ වගාවට අවශ්‍ය කාබනික පොහොර නියමිත කාලයේදීම ලබා දෙන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

යල කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදී ම ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරින්ට උපදෙස් දුන් බව පැවසෙනවා. ඒ ඊයේ (03) ජනාධිපති කාර්යාලයේදී පොහොර කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදී යි.

විවිධ තාක්ෂණ ක්‍රම යොදා ගනිමින් දේශීයව කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කෙරේ. එබැවින් ඒවා භාවිතය පිළිබඳ ගොවීන් නිසි ලෙස දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිතුමා ඒ සඳහා පොහොර කාර්ය සාධක බලකායේ නිලධාරීන් යොදාගත යුතු බව අවධාරණය කළේය.

කාබනික පොහොර භාවිතය පිළිබඳ නිසි ලෙස දැනුම්වත් නොකිරීම පසුගිය කන්නයේ දී ඇතැම් ගොවීන් අසාර්ථකවීමට හේතු වී ඇත. මෙවර එම අඩු පාඩු මගහරවා ගනිමින් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් මගින් ගොවි ජනතාව නිසි අයුරින් දැනුම්වත් කළ යුතුය. ඇතැම් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට සහභාගීවීමට මැලිකමක් දක්වන බව වාර්තා වී තිබේ. අදාළ සියලුදෙනා එම වැඩසටහන්වලට සහභාගී වීම අනිවාර්ය කළ යුතු බවට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

කුමන හේතුවක් මත හෝ ගොවියාගේ ආදායම අඩු වීමට ඉඩ තැබිය නොහැක. ඒ පිළිබඳ ගොවි ජනතාව තුළ විශ්වාසය තහවුරු කළ යුතුය. කාබනික වගාවන්ට යොමුවීමට ගොවීන් මැලිකමක් දැක්වීම කෙරෙහි විවිධ කාල වකවානුවල ලද අසාර්ථක අත්දැකීම් බලපා ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය .

කාබනික පොහොර භාවිතය පිළිබඳ නිසි ලෙස දැනුවත් නො කිරීම පසුගිය කන්නයේදී ඇතැම් ගොවීන් අසාර්ථක වීමට හේතු වී ඇති බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මෙවර එම අඩුපාඩු මඟහරවා ගනිමින් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් මඟින් ගොවි ජනතාව නිසි අයුරින් දැනුවත් කළ යුතුයි. ඇතැම් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගී වීමට මැළිකමක් දක්වන බව වාර්තා වී තියනවා. අදාළ සියලුදෙනා එම වැඩසටහන්වලට සහභාගී වීම අනිවාර්ය කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

කුමන හේතුවක් මත හෝ ගොවියාගේ ආදායම අඩු වීමට ඉඩ නොතබන ලෙසත් ගොවි ජනතාව තුළ විශ්වාසය තහවුරු කරන ලෙසත් නිලධාරීන් දැනුවත් කළ අතර කාබනික වගාවන්ට යොමුවීමට ගොවීන් මැලිකමක් දැක්වීම කෙරෙහි විවිධ කාල වකවානුවල ලද අසාර්ථක අත්දැකීම් බලපා ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි සඳහන් කළේය .

ගොවීන් වැරදි ප්‍රචාරයන්ට හසුවීම නිසා ගුණාත්මක බවින් උසස් පොහොර භාවිතයට නොගත් අවස්ථා වාර්තා වේ. වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සමඟ තමන් බැඳී සිටින බව කාබනික පොහොර ව්‍යවසායකයෝ පැවසූහ.

පසුගිය මහ කන්නයේ තම ආයතන නිෂ්පාදනය කළ කාබනික පොහොර භාවිතයෙන් ලබාගත් සාර්ථක අස්වැන්න පිළිබඳව පොහොර නිෂ්පාදන සමාගම් නියෝජිතයෝ සංඛ්‍යා ලේඛන සහිතව කරුණු ඉදිරිපත් කළහ. සාර්ථක අවස්ථා බොහෝ තිබිය දී අසාර්ථක අවස්ථා පමණක් මාධ්‍ය මඟින් පෙන්වා දීම නිසා ගොවි ජනතාව අධෛර්යට පත් වූ බව සාකච්ඡාවේදී නිලධාරීහු පෙන්වා දුන්හ.

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ගොවීන් , කෘෂිකර්ම නිලධාරීන්, පොහොර නිෂ්පාදන සමාගම්, රාජ්‍ය නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පිහිටුවා පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහූ ,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ පොහොර නිෂ්පාදනයට අදාළ ආයතනවල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles