මෙරටින් හමුවන කොරෝනා රෝගීන්ගෙන් 95% කට ඔමික්‍රොන්

0
293

මේ දිනවල මෙරටින් හමුවන කොරෝනා ආසාදිතයන් අතරින් සියයට 95 ක් පමණ ඔමික්‍රොන් ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සඳහන් කළේය.

කොරෝනා මරණ සහ ආසාදිතයන් හා රෝහල්ගත වන රෝගි සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

වාර්තාවන කොරෝනා මරණ අතරින් තුනෙන් දෙකක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක් නොවු අය බවද වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here