Monday, November 18, 2024

යුරෝපයේ ප්‍රධාන තෙල් සමාගම් කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

යුරෝපයේ ප්‍රධාන තෙල් සමාගම් කිහිපයක පරිගණක පද්ධති සයිබර්  ප්‍රහාරයකට ලක්ව ඇති අතර මෙම හැකර්කරුවන්ගේ ප්‍රහාරයට ජර්මනිය,බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල තෙල් ප්‍රවාහනය සහ ගබඩා සිදු කරන ප්‍රධාන සමාගම් වල පරිගණක පද්ධති ඉලක්ක වී ඇත.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් තෙල් ප්‍රවාහනය සහ ගබඩා කිරීම සඳහා යොදා ගන්නා මෘදුකාංග හැකර් කරුවන්ගේ පාලනයට නතුව ඇත.

එම නිසා තෙල් ප්‍රවාහනය සහ ගබඩා කිරීම් සිදු කරන වරායන්වල මෙහෙයුම් සම්පුර්ණයෙන්ම නතර වී ඇති අතර මෙම ප්‍රහාරය කප්පම් ගැනීමේ බලාපොරොත්තුවෙන් සිදු කරන ලද්දක් බවට සැකයක් පවතින බව බලධාරීහු පවසති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles