කොරෝනා වෛරසයට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් නොකළ පුද්ගලයින්ට අප්‍රේල් 30 වැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව කොවිඩ් එන්නත්කරණය ගැන මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (05) පෙරවරුවේ නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය රහිතව කිසිදු පොදු ස්ථානයකට ගමන් කිරීමට හෝ රැඳී සිටීමට හැකියාවක් නොමැති බවයි.
මෙලෙස පැන වූ සෞඛ්‍ය නව නීතිය අද බලාත්මක වන අතර, දිවයිනේ කිසිදු සිට ප්‍රදේශයක පිහිටි පොදු ස්ථානයකට පූර්ණ එන්නත්කරණයෙන් තොරව ගමන් කිරීමට නොහැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ නව ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.
එම නව කොරෝනා සෞඛ්‍ය නීති උල්ලංඝණය කළහොත් දැඩි අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීමට ද පියවර ගනු ඇත
එබැවින් මේ වනවිට කිසිදු එන්නතක් ලබා නොගත් සහ තවමත් බූස්ටර් එන්නතට යොමු නොවූවන්ට මෙම නිවේදනය අතිශය වැදගත් වන අතර, පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණහොත් කිසිදු පොදු ජනතාව ගැවසෙන ස්ථාන වෙත ගමන් කිරීමේ නිදහස සහ අයිතිය මෙමගින් අක්‍රීය වනු ඇත.
අදාළ ගැසට් නිවෙිදනය පහතින්,