බ්‍රිතාන්‍ය අගමැති කැමරන් ධූරයට ආයුබෝවන් කියයි..

0
441

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සිය ධූරයෙන් ලබන බදාදා වන විට ඉල්ලා අස්වීමට නියමිත බව ප්‍රකාශයට පත් කර තිබේ.

ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට තීරණය වීමත් සමග විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඩේවිඩ් කැමරන් සිය ඉල්ලා අස්වීම පසුගිය දා නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ලබන බදාදා දින ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් බොහෝ දුරට ඉල්ලා අස්වන බවත්, ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග එම තනතුර සඳහා පත් කිරීමට තෙරේසා මේ නම් කර ඇති බවත් වාර්තා වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here