බැසිල් ඡන්දෙට කල්තියාම වැඩ අල්ලයි. පොහොට්ටුවෙන් දිස්ත්‍රික්ක 5ක ජනරැලි ! 9 වැනිදා පළමු ජනරැලිය අනුරාධපුරේ

0
275

ආණ්ඩු පක්ෂය ජනතාව දැනුවත් කිරීම සඳහා පළාත් මට්ටමින් පවත්වන ජනරැලි මාලාව ලබන 09 වැනි බදාදා අනුරාධපුරයෙන් ආරම්භ කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැලි සංවිධානය කෙරේ.

වත්මන් රජය  කොරෝනා ව්‍යසනය මධ්‍යයේ ජනතාවට ඉටු කරන ලද විශේෂ මෙහෙවර මෙහිදී අවධාරණය කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග කියයි.

එන්නත්කරණය මගින් ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරාගන්නා අතරතුර දීපව්‍යාප්ත මට්ටමින් ඉටුකළ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද සමාජය දැනුවත් කෙරෙන බවද පැවසේ.

ඒ අනුව අනුරාධපුර ජනරැලියෙන් පසු මහනුවර, හම්බන්තොට, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවලද මෙම ජනරැලි පැවැත්වීමට නියමිත බව පැවසේ.

මෙි අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ අපේක්‍ෂාව හැකි ඉක්මනින් ඡන්දයකට යෑම බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට පෞද්ගලිකව තමාත් පොහොට්ටු පක්‍ෂයත් සූදානම් බව ද ඔහු සඳහන් කර ඇත .

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්විය නොහැකි බව ද ඔහු පවසා ඇති අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගැටලු ගණනාවක් මතුව තිබෙන හෙයින් ඉක්මණින් පැවැත්විය හැකිවන්නේ පළාත් පාලන මැතිවරණය බව ද බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here