ඉන්දියාව ලොව ඉහළම විදේශ සංචිත හිමි රටවල් අතර හතරවන තැනට.

0
528

ඉන්දියාව ලොව ඉහළම විදේශ සංචිත හිමි රටවල් අතර හතර වන ස්ථානයට පත්ව ඇති බව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ.

ඊට අනුව 2021 අවසානය වන විට , චීනය, ජපානය සහ ස්විට්සර්ලන්තයට පසුව ලොව සිව්වන විශාලතම විදේශ විනිමය සංචිත හිමි රට බවට ඉන්දියාව පත්ව ඇත.

අදාළ වාර්තාව උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, 2021 දෙසැම්බර් 31 වන විට ඉන්දියාවේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 633.6 දක්වා වර්ධනය වී ඇති බවයි.

මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් සභාගත කරන ලද එම වාර්තාවට අනුව, මෑත වසර කිහිපය තුළ ඉන්දියාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here