ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල හිඟය අවසන්

0
263

මෙම සතියේ සිට හිඟයක් නොමැතිව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රජයේ රෝහල් වෙත ලබාදීමේ හැකියාව පවතින බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. 

ඉකුත් දින කිහිපයේදීම රජයේ රෝහල්වල ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වල හිඟයක් දක්නට ලැබුණු අතර ඒ, එම කට්ටල ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැති වීම හේතුවෙනි.

එම ඇන්ටිජන් කට්ටල ආනයනය කිරීම සඳහා අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිදහස් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here