Saturday, September 21, 2024

සිරි දැරු හෙළදිව පුරාතනේ – නැසීගිය භාරතීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් සිංහලෙන් ගැයූ ගීතය (VIDEO)

හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36කින් ගීත 30,000කට අධික ගණනක් ගායනා කිරීම හේතුවෙන් ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින ගීත කෝකිලාවිය වන ලතා මංගේෂ්කාර් මහත්මිය සිංහල භාෂාවෙන්ද ගීත දෙකක් ගායනා කර තිබීම විශේෂිතය.

ඉදිරියටා යමු සැවොමා සහ සිරිදැරැ හෙළදිව පුරාතනේ ගීත දෙක නැසීගිය භාරත ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් සිංහල ගීත ගායනා කරන ලද ගීත වන අතර එම ගීත දෙකම ගායනා කරනු ලැබූයේ සැඩ සුළං චිත්‍රපටයට 1955 වර්ෂයේදීය. මෙම ගීත දෙකම රචනා කොට ඇත්තේ ආනන්ද සමරකෝන්ය. ගීත දෙකේම සංගීත් නිර්මාණය දක්ෂිණමූර්ති විසින් සිදු කොට ඇත.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි 1929 සැප්තැම්බර් 28දින සංගීතමය පවුලකවැඩිමහල් දියණිය ලෙස හේමා මංගේෂ්කාර් උපත ලැබුවාය.. මාරාති සංගීත ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ දීනානාත් මංගේෂ්කාර් ඇයගේ පියාය. මීනා ඛාඩිකාර්, ආශා බෝස්ලේ, ඌෂා මංගේෂ්කාර් සහ හෘදයනාත් මංගේෂ්කාර් ඇයගේ අනෙකුත් සහොදර සහෝදරියන් වේ.

ඉන්දියානු පසුබිම් ගායිකාවක් සහ සංගීත නිර්මාපකයෙකු වූ ඇය ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම සහ ගෞරවනීය පසුබිම් ගායිකාවක් ලෙස සැලකේ. දශක හතක් පුරා දිවෙන වෘත්තීය ජීවිතය තුළ ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයට ඇයගේ දායකත්වය ඉතා මහත්ය. ඉන්දියාවේ නයිටිංගේල් සහ මෙලඩි රැජින වැනි ගෞරවනීය ලෙස ඇය නම් ලබා ඇත.
ලතා මූලික වශයෙන් හින්දි සහ මරාති භාෂාවෙන් වුවද ඉන්දියානු භාෂා තිස් හයකට අධික සංඛ්‍යාවකින් සහ විදේශීය භාෂා කිහිපයකින් ගීත පටිගත කර ඇත. සැඩසුළං චිත්‍රපටයට ඇය ඉදිරියටා යමු සැවොමා සහ ලංකා මාතා යන ගී දෙක ගයා ඇත.
ඇයගේ වෘත්තීය ජීවිතය පුරාවට ඇය සම්මාන හා ගෞරව කිහිපයක් ලබා ඇත. 1989 දී ඉන්දියානු රජය විසින් ඇයට දාදාසාහේබ් ෆාල්කේ සම්මානය පිරිනමන ලදී. 2001 දී, ජාතියට ඇය කළ දායකත්වය අගයමින්, ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරවය වන භාරත් රත්න සම්මානයෙන් පිදුම් ලැබූ අතර, M. S. Subbulakshmi ට පසුව මෙම ගෞරවය හිමි වූ දෙවන ගායන ශිල්පිනිය වේ.ප්‍රංශය ඇයට 2007 දී එහි ඉහළම සිවිල් සම්මානය වන නිලධාරි ඔෆ් ලෙජියන් ඔෆ් ඔනර් පිරිනමන ලදි.

ඇය ජාතික චිත්‍රපට සම්මාන තුනක්, බෙංගාල චිත්‍රපට මාධ්‍යවේදීන්ගේ සංගමයේ සම්මාන 15ක්, ෆිල්ම්ෆෙයාර් හොඳම කාන්තා පසුබිම් සම්මාන හතරක්, ෆිල්ම්ෆෙයාර් විශේෂ සම්මාන දෙකක්, ෆිල්ම්ෆෙයාර් ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානය සහ තවත් බොහෝ දේ ලබා ඇත. 1974 දී ඇය ලන්ඩනයේ රෝයල් ඇල්බට් ශාලාවේ ප්‍රසංගයක් පැවැත්වූ පළමු ඉන්දියානුවා බවට පත්විය.

1942 දී ලතාට වයස අවුරුදු 13 දී ඇගේ පියා හෘද රෝගයකින් මිය ගියේය. නවයුග් චිත්‍රපාට් චිත්‍රපට සමාගමේ හිමිකරු සහ මංගේෂ්කාර් පවුලේ සමීපතම මිතුරෙකු වන මාස්ටර් විනායක ඔවුන් රැකබලා ගත්තේය. ගායිකාවක් සහ නිළියක් ලෙස වෘත්තියක් ආරම්භ කිරීමට ඔහු ලතාට උදව් කළේය.

1942 ගායනයට පිවිසි ලතාගේ මුල් නම ලතිකාය. ‘‘ලතිකා’’ යනු පියා විසින් නිෂ්පාදනය කළ වේදිකා නාට්‍යයක චරිතයකි. එය පසුව ‘‘ලතා’’ විය. ඉන්දියානු භාෂා 36 කින් ගී ගැයූ ලතා සිංහල චිත්‍රපටයක ගීත දෙකක් ගායනා කිරීම විශේෂයකි. 1955 වසරේ ජුනි 24 වැනිදා තිරගත වූ ටී. සෝමසේකරන් අධ්‍යක්‍ෂණය කළ ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයේ ලතා මංගෙෂ්කර් දේශාභිමාන ගීත දෙකක් ගැයුවාය. පණහ දශකයේ ලංකාවේ තිරගත වූ ජනප්‍රිය හින්දි චිත්‍රපටවල ගැයූ ගීත ජනප්‍රිය වී තිබුණි. ඒ අතර Andaz, Albela, Awaara, Tarana, Baiju Bawra, Anrkali, Amar, Devdas, Shri 420, Chori Chori Madhumati චිත්‍රපට කැපී පෙනී ඇත.

‘‘සැඩ සුළං’’ චිත්‍රපටය තිර ගත වූ (1955 ජුනි 24) චිත්‍රපටයට ඇතුළත් ගීත 18 සහිත සින්දු පොතේ කවරය සරසා තිබුණේ ද ලතා මංගෙෂ්කාර්ගේ රුවකිනි. එහි මෙසේ ද විය.
‘‘සැඩ සුළං’’ ලතා මංගෙෂ්කාර් සිංහල භාෂාවට හඳුනවා දෙයි.

සෝමසේකරන් ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයට ලතා මංගෙෂ්කර් හඳුන්වා දෙන්නේ ඊට කලින් 1953 වසරේ තිරගත වූ ආදායම් වාර්ත තැබූ ‘‘සුජාතා’’ චිත්‍රපටය නිපදවීමෙන් පසු එහි නිෂ්පාදක කේ. ගුණරත්නම් සමඟ ඇති වූ මතභේදයක් නිසාය. ‘‘සුජාතා’’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ ඉන්දීය ජාතික ටී.ආර්. සුන්දරම් හා ඩී.වී. චාරි වුව ද නළු නිළියන් තේරීම හා අනුකරණ ගීත ඒ සඳහා තෝරා ගැනීමත් මනා කළමනාකරණය කළ සෝමසේකරන් චිත්‍රපටයට දේශාභිමානි ජාතික රැඟුම් ගීය ඇතුළත් කළේය. දකුණු ඉන්දිය සංගීත අධ්‍යක්‍ෂක ඇස්. දක්‍ෂණමූර්ති ස්වතන්ත්‍ර තනුවක් හා ගීත රචනයක් ලියා දුන්නේ ආනන්ද සමරකොන් ය. දකුණු ඉන්දීය ගායිකා කේ. රාණි සහ පිරිස ගැයූ ‘‘මනරංජන දර්ශනී ලංකා මාතා අති රමණී’’ මේ ගීතයයි. ගුණරත්නම් හා මතබේදය හේතුවෙන් සෝමසේකරන් තනිවම චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරමින් නිෂ්පාදනය කළේය. ‘‘සැඩ සුළං’’ නම් චිත්‍රපටයට දේශාභිමානි ගීත දෙකක් ඇතුළත් කිරීමට අදහස් කොට එහි ගායනයට ඉන්දියාවේ ජනප්‍රිය හා දක්‍ෂතම ගායිකාව වූ ලංකාවේ සංගීත රසිකයන් ප්‍රිය කළ ලතා මංගෙෂ්කාර යොදා ගත්තේය. සංගීත අධ්‍යක්‍ෂවරයා ඇස්. දක්‍ෂිණ මූර්ති ය. ආනන්ද සමරකෝන් විසින් ගීත රචනා කොට තනු නිර්මාණය කළ ගීත 03 ක් රචනා කළ අතර ලතා මංගෙෂ්කාර් ගැයූ ‘‘ශ්‍රී ලංකා මාතා’’ ගීය ද ඒ අතර විය. මේ ගීතය ගැන මහාචාර්ය සුනිල ආරියරත්න විසින් ලියූ ‘‘සිංහල චිත්‍රපට ගීතාවලිය (1947 – 1956) කෘතියේ වැඩි විස්තර සඳහන් වෙයි. එයට අනුව ලතා ගැයූ එකම ගීතය සඳහා ඇයට සිංහල උච්චාරණය පුහුණු කරන ලද්දේ ද සමරකෝන් විසිනි.

ආනන්ද සමරකෝන් විසින් ලතා මංගෙෂ්කාර්ට සිංහල උච්චාරණය හා ගීත පුහුණු කරවන විට ඔහු සතු සංගීත හා ගායනා කුසලාත අගය කොට ඇත. සමරකෝන් ලතා සමඟ කතා කර ඇත්තේ හින්දි භාෂාවෙන් වීම තවත් විශේෂයකි.

“දිල් මේරා තෝඩා, මුජේ කාහින් කා නා චෝරා” – නසිම් පනිපාටි විසින් පද රචනය කල Majboor (1948) චිත්‍රපටයේ – ඇයගේ පළමු විශාල ජයග්‍රහණ චිත්‍රපටය බවට පත් විය. එතන් සිට ඇය ඉන්දියානු සංගීතයේ සලකුණ බවට පත්විය. ඇය අද ලොව හැර ගොස්ය. ඇය භාරතයේ පමණක් නොව සකල ලෝකයම බැබලවු රිදී සීනුවයි.

ලතා මංගෙෂ්කාර් ගැන භාරතයේ ජනප්‍රිය නළු දිලිප් කුමාර් පවසා ඇත්තේ ඇය ‘‘සංගීත අඹරේ පෑයූ ඉහළම තරුව’’ කියාය. රංගවේදි සුනිල් දත් පවසා තිබුණේ ගීත කෝකිලාවක් ලෙස ලතා දේශපාලනඥයන් 500 කට කරන්න බැරි මෙහෙවරක් කර ඇති බවය.

‘‘1954 වන තෙක් ලතා ගේ කිසිම සහයෝගයක් නැතිව ගීත ගායනයට අවතීර්ණව වසර හයකට පසු ආශාට (ලතා ගේ නැගණිය) හින්දුස්ථානි සිනමාවේ පසුබිම් ගායිකාවක් ලෙස ඉදිරිපත්වීමට හැකි වූවාය. ඒ නෞශාද් ගේ අමනාපය මුසු හිතවත්කම සමගය. මෙයට හේතුව නෞශාද් මෙහෙබුබ්ගේ (චිත්‍රපට අධ්‍යක්‍ෂක) ‘‘අමර්’’ චිත්‍රපටයේ අවසන් කටයුතු කරගෙන යන අතර ලතා රෝගාතුරවීම නිසාය. ලතාට වැළඳුන අස්ථි රෝගය නිසා වසර ගණනාවක් ඉදිරියට තිබුණු සියලු පටිගත කිරීම් අවලංගු කිරීමට ඇයට සිදුවිය. උදෑසන පිබිදෙන විට ඇය 75% හොඳ තත්ත්වයේ සිටිය ද ලතා සියලුම පටිගත කිරිම් අවලංගු කළාය.

ඉන්දියාවේ ප්‍රමුඛතම සඟරාවක් වූ India Today සඟරාවේ සංවත්සර කලාපයෙ භාරතයේ සුවිශේෂ චරිත ගැන අගනා ලිපි පළ වී තිබුණි. එහි ලතා මංගෙෂ්කාර් හඳුන්වා තිබුණේ Sweet Bird of Youth (යෞවනයේ ගීත කෝකිලාවිය) කියාය. ඉන්දු – චීන දේශ සිමා අරගලයේ මියගිය භාරතීය රණවිරුවන් සැමරූ අති මහත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඉදිරියේ අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු හඬවමින් ලතා මංගෙෂ්කාර් ගීතයක් ගැයුවාය. ඒ ගීතය නම් Ae mere watan ke logon’ ගීතය බව India Today (Anniversary lsse 2005) සඟරාවේ පවසා තිබුණේ,

Jawaharla Nehu had tears in his eyes when he heard’ Ae mere watan ke logon.”
ලතා බින්ග් කොස්බි (Bing Crosby), පැට් බූන් (Pat Boon) ගීතවලට කැමැත්තක් දැක්වූ අතර බීට්ල්ස් (Beatles) ගේ තනු නිර්මාණ අගය කළාය. ඇය පැළඳ සිටින නවරත්න මුදුව කේ.එල්. සයිගාල්ට අයිති ඇයට තෑගි කරන ලද විශිෂ්ට සිහිවටනයකි. 1980 දී ඇමරිකාවේ දී පැවැත්වූ සංගීත ප්‍රසංගයක් සඳහා ඇයට ඇ.ඩො. 15,000 ක් ලැබී ඇති බව ද එම සඟරාවේ පළ වි තිබුණි

ලතා වඩාත් ප්‍රිය කළ චිත්‍රපට ගීතය වූයේ ‘‘මධුමතී’’ චිත්‍රපටයට ගැයූ ‘‘අජාරේ පරදේශී’’ ගීතයට ලු. ඇය ප්‍රවීණ ගායන ශිල්පී, නළු, කිෂෝර් කුමර් ට සහෝදරයකු ලෙස සැලකූ අතර මුකේෂ් හා කිෂෝර්ගේ ගායන කුසලතා අගය කළාය. ඇගේ ප්‍රියතම සංගීතඥයන් වූයේ සලීල් චෞද්රි, මදන් මෝහන් ය. ලතා ගීත 25,000 ක් ගයා 1974 ගිනස් වාර්තාවක් තබා ඇති බව (Guinness Book of world Records) Raju Bharatan විසින් 2010 (රාජු භාරතන්) ලියූ A Jouyney Down Melody Lane (බොලිවුඩයේ දශක හයක මතක සටහන්) කෘතියේ 121 පිටුවේ සඳහන් වෙයි.

ලතා මංගෙෂ්කාර් ගැන චරිත්‍රාපදාන රැසක් ලියැවී ඇත. ඇගේ ජීවිත කතා පසුබිම් කර සයි පරන්ජිපායි අධ්‍යක්‍ෂවරිය “Saaz” නම් චිත්‍රපටයක් නිර්මාණය කළාය. මෙහි ලතාතේ චරිතය අරුණ අයිරානි රඟ පෑ අතර ලතාතේ නැගණිය වූ ආශා ලෙස අබනා ආස්මි ද, ආර්.ඩී. බර්මන් සංගීතඥයාගේ ලෝ ප්‍රකට තාල වාද්‍ය විශාර ද ශකීර් හුසේන් ද රඟ පෑ බව අන්තර් ජාලයේ සටහන් වෙයි. භාරතයේ ඉහළම සම්මානය වූ Bhart Ratna, ඇතුළු Padma, Vibhushan, Filmfare Lifetime Achievement ඇතුළු සම්මාන ගණනකින් පිදුම් ලත් ඇය භාරතයේ ජීවමාන පුරාවෘතයක් වන්නීය.

සටහන් දෙකකින් උපුටා ගැනීමකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles