ධීවර සංස්ථාව පවත්වාගෙන යාමට නොහැකි තරමේ අර්බුදයක..?

0
443

ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන අන්දමට, ලංකා ධීවර සංස්‌ථාව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇත. පසුගිය සිකුරාදා 8දා ධීවර සංස්‌ථා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත. මේ වන විට, ධීවර සංස්‌ථාවේ සේවක වැටුප් ගෙවීම් ඇතුළු අනෙකුත් කාර්යයන් මහා භාණ්‌ඩාගාරයෙන් මුදල් ලබාගෙන සිදුකරන බව ඔහු පෙන්වා දෙනවා. සේවකයන්ට වන්දි ගෙවීම සඳහා ධීවර සංස්‌ථාවේ දේපළ විකුණා දැමීමට අදහස්‌ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කැබිනට්‌ මණ්‌ඩලය සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඔහු පවසා ඇත.

ඔහු දක්වා ඇති අදහස් පහතින් ඇත:

“මේ වන විට ධීවර සංස්‌ථාවේ සේවකයන් 1200 ක්‌ සිටිනවා. අනුමත සංඛ්‍යාව 745 යි. මේ වසරේ සේවක වැටුප් ගෙවීමට භාණ්‌ඩාගාරයෙන් රුපියල් මිලියන 650 ක්‌ ලබා ගෙන තිබෙනවා. ධීවර සංස්‌ථාව ධීවරයන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් මසුන් ලබාගෙන ප්‍රධාන සුපිරි වෙළෙඳසල් සඳහා අලෙවි කිරීමට අතරමැදියකු ලෙස කටයුතු කරනවා. එම දෙපිරිසගෙන් ණයට ගත්ත මසුන් වෙනුවෙන් රුපියල් මිලියන 689 ක්‌ ගෙවන්න ඕනෑ. භාණ්‌ඩාගාරයෙන් රු. මිලියන 42 ක්‌ ලබා ගෙන ණයක්‌ ගෙව්වා”.

“ධීවර සංස්‌ථාව සතොස ආයතනයට මසුන් ලබාදීම නිසා එම ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 93 ක්‌ පමණ ලැබීමට තිබෙනවා. 2015 වසරේ පමණක්‌ එම ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 53 ක්‌ එන්න ඕන. මේ වන විට ධීවර සංස්‌ථාවට ධීවරයන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් මසුන් නොලැබෙන තත්ත්වයක්‌ උදාවෙලා. පසුගිය රජය මගින් ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පවරා නොදී රැකගත් බව පැවසුවත් අනවශ්‍ය සේවක බඳවා ගැනීම් නිසා එම ආයතනය අකර්මණ්‍ය වුණා. ධීවර සංස්‌ථාව, ශ්‍රී ලංගම සහ මිහින් ලංකා වැනි ආයතන ඊට උදාහරණයි”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here