Saturday, September 21, 2024

ලොව පළමු DNA එන්නත ඉන්දියාවෙි බිහාර් ප්‍රාන්ත වැසියන්ට ලබා දෙයි

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත පුද්ගලයන් වෙත ලබාදීමේ වැඩසටහන ඉන්දියාවේ ක්‍රියාත්මකය.

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත වන්නේ ඉන්දියාවේ සයිඩස් කැඩිලා සමාගම නිෂ්පාදනය කරන ලද සයිකොව්- ඩී එන්නතයි.

වෛරසයේ ජානමය කොටසක් යොදාගනිමින් නිපදවා ඇති මේ එන්නත මාත්‍රා තුනකින් යුක්තය.

පළමු මාත්‍රාව ලබාගෙන දින 28කින් දෙවන මාත්‍රාවත් ඊට දින 56කට පසු තුන්වැනි මාත්‍රාවත් වශයෙන් එය ලබාදෙයි. මේ එන්නත බිහාර් ප්‍රාන්ත වැසියන්ට ලබාදීම ඉකුත් සිකුරාදා ආරම්භ කළේය.

මේ අතර, කොවිඩ් පාලන සීමාවලට එරෙහිව, වාහනවල නලා ශබ්ද කරමින් කැනේඩියානු ජනතාව ආරම්භ කළ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකය.

එම විරෝධතා ගෙවුණු සති අන්තයේත් ඔටාවා සහ කෙබෙක් නගරවලදී පැවැත්වුණි.

විරෝධතා හේතුවෙන් ඔටාවා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

විරෝධතා, නගරවාසීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කර ඇති බැවින් මේ පියවර ගත් බව නගරාධිපති ජිම් වොට්සන් සඳහන් කළේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles