Sunday, September 22, 2024

අරුන්දික ප්‍රනාන්දුගේ පුතා ඇතුළු පිරිසට ඇප

රාගම වෛද්‍ය පීඨයේ පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි 9 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

එම සැකකරුවන් 9 දෙනා අද (07) දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

පසුගිය 2 වෙනිදා අලුයම රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට කඩාවැදුණු පිරිසක් සිදුකළ පහරදීමකින් සිසුන් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබුණි.

එම පහරදීම සම්බන්ධයෙන් සැකකාර 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ද නීතිඥයෙකු මාර්ගයෙන් පසුගිය 02වනදා රාත්‍රියේ රාගම පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය.

මෙම පහරදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකු බව කියන අයකු ද සිටි බවට හැඳුනුම්පතක් සොයා ගැනුණු අතර සැකකරුවන් පැමිණි පොල් සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක්ද සිසුන් සිය භාරයට ගෙන පොලීසියට භාරදී තිබුණි.

පොලීසිය පැවසුවේ, එම පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය ද කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles