Monday, September 23, 2024

එස්.එම් චන්ද්‍රසේනගේ සොහොයුරාගේ අල්ලස් නඩුවට කුමක් වෙයිද ?

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් සහ හා ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අයට එරෙහිව ගොනුකළ අල්ලස් නඩුවක් නිෂ්ප්‍රභ කොට විත්තිකරුවන් නිදහස් කරන්නේ ද ? නැත්ද ? යන නියෝගය ලබන 28 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතුකරමින් මෙම නඩුව විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව තර්ක කළේය.

මෙම නඩුව ගොනුකිරීමේදී අල්ලස් කොමිසම අපරාධ නඩු විධාන සංග්‍රහය උල්ලංඝනය කර ඇති බව මෙහිදී විත්තියේ නීතිඥවරු පෙන්වා දුන්හ.

මෙවැනි වරදක් සම්බන්ධයෙන් වසරක් තුළ නඩු පැවරීම සිදුකළ යුතු වුවත් මෙම නඩුව ගොනුකර ඇත්තේ වසර දෙකක් ඉක්මයාමෙන් පසුව බව පෙන්වාදුන් විත්තියේ නීතිඥවරු එබැවින් එය පවත්වාගෙන යා නොහැකි බව කියා සිටියහ.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කොට ඔවුන් නිදහස් කරන ලෙස ද විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම මූලික විරෝධතාව පිළිබඳ නියෝගය ලබන 28 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළේය.

වසර 2012 හා 2014 අතර කාලසීමාව තුළ උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාවරයා වශයෙන් කටයුතු කරමින් සිය පුද්ගලික ලේකම් ශාන්ති චන්ද්‍රසේන යන අයට අයුතු ලාබයක් ලබාදීමට කටයුතු කිරිම, ඉන්ධන දිමනාව වැටුප සමග ලබාදි තිබියදි ඉන්ධන ඇණවුම්පත් මගින් රුපියල් 2,680,528.10ක් ලබාගැනීම, එසේ ලබාගැනීමට රජයේ නිලධාරින් පෙලඹවීම ඇතුළු අල්ලස් පනතේ “දුෂණය” නමැති වරද සිදුකිරීම යන අධිචෝදනා 08ක් යටතේ එම පළාතේ හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් සමරකෝන් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles