Saturday, September 21, 2024

තෙල් සංස්ථා සේවකයොත් වැඩ වරන්න සූදානමින්..

තෙල්සංස්‌ථා ඒකාබද්ධ වෘත්තීය සමිතිය බිවේදනය කර ඇත්තේ, තව දින තුනකින් පමණ සංකේත වැඩවර්ජනයකට යන බවයි. ඒ, ත්‍රිකුණාමල චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි දාහතක්‌ ඉන්දියන් තෙල් සමාගමට IOCට පවරාදීම හා තෙල් සංස්‌ථාව යළි විකුණා දැමීමට කරගෙන යන සැලසුමට එරෙහිව බවයි එම සමිතිය පවසා ඇත්තේ.

ස්‌වාධීන නිදහස්‌ සේවක සංගමයේ උප සභාපති ජීවක රුවන් රූපසිංහ මහතා පවසා ඇත්තේ, ඉන්දියන් තෙල් සමාගම මෙරටට ආනයනය කරනු ලබන පෙට්‍රල් හා ඩීසල් වර්ග දෙකක මිල ලීටරයකට රුපියල් දෙක බැගින් ඉහළ නංවා ඇතැයි ද එය අදාළ සමාගම අත්සන් කර තිබෙන ගිවිසුම්වලට පටහැනිව කර ඇති බවයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ, සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉන්දියාවට විකුණා දැමීමේ සැලසුමක්‌ ඇති බවයි. සාකච්ඡාවට එක්‌වූ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු වසන්ත ශ්‍රී විඡේසිංහ මහතා පවසා ඇත්තේ, මේ වන විට තෙල් සංස්‌ථාවට සිදුවන අනතුර පිළිබඳව සිය සේවකයන් දැනුවත් කරමින් සිටින බවත් රට පුරා අත්පත්‍රිකා බෙදාහැර ජනතාව ද දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

එම සමිතිය අවධාරණය කර සිටින්නේ, ඉන්ධන ව්‍යාපාරය වෙනත් රටවලට පැවරීම හරහා රටට බරපතළ ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් ඒ හරහා රට ඉන්දියාවට නතුවීමේ අනතුරක්‌ ඇතිවෙන බවයි. තෙල් සංස්‌ථාව විනාශ කිරීමේ ව්‍යාපාරයට එරෙහිව අඛණ්‌ඩ වැඩවර්ජනයකට වුවද යැමට පසුබට නොවන බවද සියලු සේවකයන් හා වෘත්තීය සමිති එකතු වී ඉදිරියේ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව එම සමිති සංගම පවසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles