ජී.එල්. ඉන්දීය විදේශ ඇමති ජයශංකර් හමුවෙයි

0
461

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතවී සිටින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (07) ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවිය.

නවදිල්ලි නුවර පිහිටි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම ද්විපාර්ශ්වික සාකච්ඡාව පැවතිනි.

මෙම සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළව පුළුල් පරාසයක කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක්කළ බව වාර්තා වෙයි.

විදේශ අමාත්‍ය පීරිස් මහතා සමග ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා විය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එම හමුවට එක්ව සිටි බව සඳහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here