Monday, September 23, 2024

අද සිට විදුලි අර්බුදය දරුණු ⁣අතට පත්වෙයි. – විදුලි ඉංජිනේරුවෝ කියයි

අද දින විදුලි කප්පාදුවක් සඳහා මෙතෙක් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර නොමැති බව මහජන උපයෝහිතා කොමිසම පවසයි.

මෙි අතර දිගින් දිගට කතා වෙන විදුලිබල අර්බුදය අද  (7 දා) සිට තවත් දරුණු අතට පත්වනු ඇතැයි විදුලි ඉංජිනේරුවෝ කියා සිටිති.

විදුලි බලාගාර කිහිපයකට අවශ්‍ය ඉන්ධන ලබාදීම දිනෙන් දින අර්බුදයකට යන බවත් දෛනික විදුලි ඉල්ලූම අද සිට ඉහළ යෑමත් විදුලි පද්ධතිය සතු විදුලි ප‍්‍රමාණයන් පිළිබඳ විස්තර අධ්‍යයනයෙන් පසු විදුලිය කපනවාද නැද්ද කියා තීන්දු වන බවත් ඔවුහු කියා සිටිති.

පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඔහු කියා සිටියේ ඉල්ලූම සපුරාගත නොහැකි වුවහොත් විදුලිය අඛණ්ඩව ලබාදීම අභියෝගයක් වන බවයි. විදුලිය කපා හැරීමට අදාළ ඉල්ලීමක් ඊයේ (6 දා) නොලැබුණ බවත් අද (7 දා) එවැනි ඉල්ලීමක් කළහොත් පවතින තත්ත්වය මත ඒ පිළිබඳව තීරණයක් ප‍්‍රකාශ කරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles