Monday, September 23, 2024

මෙි පාර අවුරුදු කන්න ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියාවෙන් ණය ඉල්ලයි

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව පවත්වාගෙන යාම සදහා ඉන්දියාවෙන් සහ ඕස්ටේ‍්‍රලියාවෙන් ණය පහසුකමක් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපුටා දක්වමින් සන්ඩෙි ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.

එම ණය පහසුකම් මගින් ප්‍රධාන වශයෙන් පරිප්පු සහ බාර්ලි ගැනීමට බලාපොරොත්තු වන බව කී ඔහු ඉතිරි මුදල අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා භාවිතා කළ හැකි බව පැවසීය.

ඒ අනුව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් සහ ඕස්ටේ‍්‍රලියාවෙන් ඩොලර් මිලියන දෙසීයක පහසුකමක් ලබා ගැනීමට නියමිත ය.

මෙම ණය ප‍්‍රමාණය මාස හයක පමණ කාලයකට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සදහා ප‍්‍රමාණවත් බව අමාත්‍යවරයා පවසා තිබේ.

ඔිස්ට්‍රෙලියාවෙන් ලබා ගැනෙන ණය සහන යටතේ පරිප්පු සහ බාර්ලි ආදිය ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඉන්දීය ණය සහන යටතේ අල, ළූණු, පරිප්පු සහ ඖෂධ ආනයනය කිරීමට නියමිතයි.

මෙම ආනයනයන් සඳහා ගෙවීම් වාරික වශයෙන් මාස්පතා ගෙවීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මීට අමතරව චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක් ඉල්ලා ඇති බවත් ඊට චීනය එකඟ වනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

තවත් ඩොලර් මිලියන 200 ක් ණයක් පකිස්තානයෙන් ලබා ගැනීමට ද වෙළඳ ඇමතිවරයා මේ වන විට පියවර ගෙන ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ වරායෙන් මුදා ගැනීමට ඩොලර් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලය පුරා ප්‍රකාශ කළ ද ප්‍රමාණවත් ලෙස මුදල් නිකුත් නොකිරීම නිසා සහල් කන්ටේනර් 500 ක් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1700 ක් පමණ මේ වනවිට වරායේ සිර වී තිබේ. ඒවා මුදා ගැනීමට වෙළෙඳ ඇමතිවරයා ගත්  උත්සාහයන් මේ වනතෙක් සාර්ථක වී නැත.

මෙම තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට විවිධ රටවලින් ණය ලබා ගැනීමට රජය කටයුතු කොට ඇති අතර ඉන්දියානු ණය සමග පකිස්ථානයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණය ලබා ගත හැකි වුවහොත් උත්සව සමයට හිගයකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබා දීමට හැකි වනු ඇති බව වෙළඳ අමාත්‍යංශය කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles