ඉදිරියේදී රටේ බලශක්තිය සහ ඉන්ධන පාලනය කරනු ලබන්නේ ඇමරිකාව සහ ඉන්දියාව

0
280

ඉදිරියේදී රටේ බලශක්තිය සහ ඉන්ධන පාලනය කරනු ලබන්නේ අමරිකාව සහ ඉන්දියාව බවට සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කරනවා.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුව මහජනතාවගේ සියලු අයිතීන් අහිමිකර ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහය ලබා ගැනීමට ආණ්ඩුව දක්වන මැලිකම සම්බන්ධයෙන් මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අදහස් පළකලා.

ආණ්ඩුවට තවදුරටත් දැක්මක් හෝ වැඩපිළිවෙලක් නොමැති බව ඔහු එහිදී චෝදනා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here