බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 2000 ක් ඉක්මවනු ලබන යම් පුද්ගලයෙකුගේ, හවුල් ව්‍යාපාරයක හෝ සමාගමක බදු අය කළ හැකි ආදායම මත සියයට 25ක අධිභාර බද්දක් පැනවීම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (07) දිනයේ ප්‍රකාශයට පත්කර තිබෙනවා.
2020 අප්‍රේල් 01 වැනිදා ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන දෙදහස ඉක්මන බදු අය කළ හැකි ආදායමක් උපයන පුද්ගලයෙකුගෙන්, හවුල් ව්‍යාපාරයකින් හෝ සමාගමකින් 25%ක අධිභාරයක් අය කළ යුතු බව මේ කෙටුම්පතේ සඳහන් වේ .
එහි දැක්වෙන්නේ සමාගම යන්නට අදාළ අර්ථ නිරූපණය 2017 අංක 24 දරණ දේශීය අදායම් පනතේ අර්ථයට සමාන විය යුතු බව ය.
දේශීය ආදායම් පනතේ අර්ථකථනයට අනුව විශ්‍රාම වැටුප් අරමුදලක්, අර්ථසාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, විශ්‍රාම පාරිතෝශික අරමුදලක් හෝ ඒ හා සමාන අරමුදලක්ද සමාගම යන අර්ථ නිරූපණයට ඇතුළත් කර තිබේ.
මෙි අතර අදාළ පනත් කෙටුම්පතට 25% ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කර ඇති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එමගින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් 25% ක අධිභාරයක් අයකර ගැනීමට නියමිත බවයි.
දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව ගණනය කරනු ලබන 2020 වර්ෂයේ අප්‍රේල් මස පළමු වන දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා එම අධිභාර බද්ද පැනවීමට නියමිතයි.
එම පනත් කෙටුම්පතේ අර්ථකථනයට අනුව විශ්‍රාම වැටුප් අරමුදලක්, අර්ථ සාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් හෝ ඒ හා සමාන අරමුදලක් ද සමාගම යන අර්ථ නිරූපණයට ඇතුළත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා.