පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමෙන් අනතුරුව ශ්රී ලංකා ජල බෝතල් සංගමය විසින් එහි නව මිල ප්රකාශයට පත්කරනු ලැබ තිබේ.
ඒ අනුව මිලිලීටර් 500 පානීය ජල බෝතලයක නව මිල රුපියල් 50 ක් වන අතර ලීටරයක පානීය ජල බෝතලයක නව මිල රුපියල් 70 ක් වන බව ශ්රී ලංකා ජල බෝතල් සංගමය ප්රකාශ කළේය.
එමෙන්ම ලීටර් 1.5 පානීය ජල බෝතලයක නව මිල රුපියල් 90 ක් වන අතර ලීටර් 5 පානීය ජල බෝතලයක නව මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් ඇත. ලීටර් 7 පානීය ජල බෝතලයක නව මිල රුපියල් 240ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මිල සංශෝධනයට පෙර මිලිලීටර් 500 ජල බෝතලයක් රුපියල් 35කට අලෙවි වූ අතර ලීටරයක පානීය ජල බෝතලයක් රුපියල් 50කට අලෙවි විය. එමෙන්ම ලීටර් 1.5 පානීය ජල බෝතලයක් රුපියල් 70කටද, ලීටර් 5 පානීය ජල බෝතලයක් රුපියල් 150කටද අලෙවි වු බව ශ්රී ලංකා ජල බෝතල් සංගමය ප්රකාශ කළේය.
ලීටර් 7 පානීය ජල බෝතලයක් අලෙවි වූයේ රුපියල් 170 කට බවත් ශ්රී ලංකා ජල බෝතල් සංගමය ප්රකාශ කළේය.
පසුගියදා දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කරනු ලැබ තිබිණි.
මව්බිම