පිරිවෙන්,රජයේ හා පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ට රුපියල් 5000 දීමනාව දෙන්න තීරණය කරයි

0
304

පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ට සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් වල ගුරුවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එම පිරිසට රුපියල් 5,000 දීමනාව ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ගුරු – විදුහල්පති සේවාවේ වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද රාජ්‍ය පරිපලාන චක්‍රලේඛ අංක 03/2016 (IV) යටතේ මෙය සිදු කිරීමට නියමිතයි.

මෙි සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here