බයිඩ්න් යළිත් වරක් පූටින්ට අනතුරු අඟවයි

0
289

යුක්‍රේනය අක්‍රමණය කළ හොත්, රුසියාවේ සිට ජර්මනිය දක්වා දිවෙන නෝඩ් ස්ට්‍රීම් ටූ ගෑස් නළ මාර්ගය වසා දමන බවට අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් යළි අනතුරු අඟවා තිබේ.

ඒ නව ජර්මානු චාන්සලර්රිය වන ඔලෆ් ස්කොල්ස් සමග වොෂින්ටන් නුවරදී පැවති හමුවකදීයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මොස්කව් නුවරදී හමුවීමෙන් පසුව අමෙරිකාව හා ජර්මනිය මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.

එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ මහා යුද්ධයක් වැළැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවයි.

රුසියාව මේ වන විටත් යුක්‍රේන දේශසීමාවේ සිය හමුදා භටයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ස්ථානගතකර තිබේ.

ඇමරිකාව පසුගිය දා ප්‍රකාශ කළේ, පූර්ණ ආක්‍රමණයකට අවශ්‍ය හමුදා භටයින්ගෙන් 70% ක ප්‍රතිශතයක් රුසියාව රැස්කර ඇති බවයි.

Newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here