Sunday, September 22, 2024

බැසිල් නිසා ඒකාබද්ධ විපක්ෂය ඉවරයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ලෙන් ආරම්භ කෙරුණු ආණ්ඩු විරෝධී ප‍්‍රතිසන්ධාන ප‍්‍රාදේශීය ජනහමු මාලාව ඒකාබද්ධ විපක්ෂය විසින් අවලංගු කර තිබෙනවා.

පක්ෂ නායකයින් සහ සෙසු මන්ත‍්‍රීවරුන් වැඩිදෙනෙකුගේ දැඩි විරෝධය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වූ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ප‍්‍රබල විවේචන ඉදිරිපත් වූ බවද වාර්තා වනවා.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා නොමැතිව කමිටුවක් පත්කර තිබෙන බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම කමිටුවේ සභාපතිවරයායි. නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ කාංචන විජේසේකර යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.

ජන සටන පාද යාත‍්‍රාව ද මෙම කමිටුව විසින් මෙහෙයවීමට නියමිතයි.
කෙසේ වෙතත් ජන සටන පාද යාත‍්‍රාව සංවිධාන කිරීම වෙනුවෙන් දිස්ත‍්‍රික් මට්ටමින් පැවති සාකච්ඡාවලට ද බැසිල් රාජපක්ෂ මහතා සහභාගි වී තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවලට සහභාගි වී ඇත්තේ ආරාධනාවක් ද නොමැතිව බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු කියා සිටියේ.

ඊට විරෝධය පළ කිරීමක් වශයෙන් දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් මෙම සාකච්ඡාවලට සහභාගි නොවූ බවද වාර්තා වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles