තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කරන්නැයි ඉල්ලයි

0
275

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දිගින් දිගටම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දරණ පාඩුව අවම කර ගැනීම සදහා මේ මොහොතේදී ඉන්ධන මිළ ගණන් ඉහළ දැමීමක් අනිවාර්යයෙන් සිදුවිය යුතු බවයි එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා රජයට දන්වා ඇත්තේ.

ඒ අනූව රජයේ බලධාරීන් විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන මිළ ගණන්ද සංශෝධනය කරනු ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සුමිත් විජේසිංහ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here