ඉන්දීය ජනරජ දින ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විචිත්‍රවත් ඩ්‍රෝන සංදර්ශණයකින් සතියක කාලයක් පුරා පැවති ජනරජ දින ඉන්දීය හමුදා සංදර්ශනය අවසන් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එහිදී නවදිල්ලි අගනුවරට ඉහළින් රාත්‍රී අහසේ ඩ්‍රෝන ගුවන් යානා දහසක් පියාසර කරවමින්, ඉන්දීය ජාතික ධජයේ කුංකුම, සුදු සහ කොළ වර්ණයන් විදහාලමින් නිදහසේ පියා වන මහත්මා ගාන්ධි නිරූපණය කෙරැණු බව සදහන් වේ.
ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවයෙන් අනතුරැව පවත්වන මෙම හමුදා සැමරැම් උත්සවය ද 1950 ඉන්දියාවේ ජනරජ ව්‍යවස්ථා සංවත්සරය සැමරුම ආරම්භ කළ දිනයේ සිට අඛණ්ඩව පැවත්වෙන්නකි.
බිලියන 1.4 ක ජනගහනයක් සහිත ඉන්දියාවේ, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය අවසන් වී වසර 75 ක් සනිටුහන් කිරීම හේතුවෙන් මෙම වසරේ මෙම උත්සවට විශේෂ වැදගත්කමකින් සැමරූ බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.