බලුකිස්තානයේ මෙහෙයුමකින් පකිස්ථාන සෙබළුන් 9 දෙනෙකු සහ සටන්කාමීන් 20 දෙනෙකු මරුට

0
609

පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ දින තුනක් තුළ සිදුකරන ලද මෙහෙයුමකදී සටන්කාමීන් 20 දෙනෙකු සහ පකිස්තාන හමුදා සාමාජිකයන් 9 දෙනෙකු මිය ගිය බව වාර්තාවේ.

සටන්කාමීන් විසින් බලුකිස්තාන ප්‍රාන්තය පන්ජ්ගුර් සහ නෞෂ්කි ප්‍රදේශයේ ආරක්ෂක හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මෙම මෙහෙයුම සිදුකර තිබේ.

පන්ජ්ගුර් සහ නෞෂ්කි යන ප්‍රදේශවල හමුදා කදවුරු වෙත එල්ල වූ ප්‍රහාර දෙකම සාර්ථක ලෙස ව්‍යර්ථ කළ බව හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බලුකිස්තාන විමුක්ති ව්‍යාපාරය මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර ගතවූ ජනවාරි මාසයේ සිට ඔවුන් විසින් පකිස්තාන ආරක්ෂක අංශ වෙත එල්ල කරන ප්‍රහාර ඉහළ ගොස් ඇතැයි ද එරට වාර්තා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here