Wednesday, November 27, 2024

ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු රටක් ලෙස ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමෙි මධ්‍යස්ථානය විසින් නම් කරයි

ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු එනම් තුන්වැනි මට්ටමේ රටක් ලෙස ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නම් කර තිබේ.

ශ්‍රි ලංකාව මීට පෙර සිව් වැනි මට්ටමේ අවදානම් සහිත රටක් ලෙස නම් කර තිබූ අතර ඊට රටවල් 135 ක් ඇතුළත් විය.

රටේ ජනගහනයට සාපේක්ෂව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව මත අවදානම තීරණය කෙරේ. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය ඊට බලවා ඇති බව එම මධ්‍යස්ථානය පවසයි..

මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, වැඩිම අවදානමක් සහිත රටවල් අතුරින් ශ්‍රී ලංකාව අවම ස්ථානයකට පත්ව තිබෙන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles